"1970" දශකය ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තය
1970 ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තය ගත්කළ පුවත්පත් කර්මාන්තයට ඉතාමත් සුවිශේෂී වූ කාලවකවානුවක් ලෙස මෙම කාලසීමාව හඳුන්වා දිය හැකිය.මෙම කාල වකවානුවේ දී ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ කර්මාන්තයේ මූලාරම්භයේ සඳහා පසුබිම් වූ හේතු කිහිපයක් විය.පසුබිම ගත් කළ
- 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු පක්ෂය මහ මැතිවරණයෙන් සමඟි පෙරමුණ පක්ෂය ලෙස ජයග්‍රහණය කිරීම.
- 1971 ජෙවීපී කැරැල්ල
- 1972 නව ජනරජ ආණ්ඩුව බිහිවීම සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසුව පූර්ණ බලතල හිමි වූ පාර්ලිමේන්තුව බිහිවීම.
- 1975 උතුරේ කැරලිකාරිත්ව ය
- 1977 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය හා ආර්ථික වෙනස්කම් විවෘත ආර්ථික ක්‍රමය බිහිවීම ලෙස හඳුන්වා දිය හැකි.
- 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නව ජනාධිපති ධූරයක් බිහිවීම, එසේම පුවත්පත් ළවීම රාජ්‍යයට අදාළව සිදුකිරීම.
- 1978 විධායක ජනාධිපති ධූරය ආරම්භ කිරීම
මේ ආකාරයට 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තයේ මෙම පෙන්වා දිය හැකිය .
1970 දශකයේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය
මෙම කාල වකවානුවේ දී ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය ගත් කළ මෙහිදී
- ගුවන් විදුලි සංස්ථාව බිහිවීම
- රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහිවීම
- itn ආයතනය ස්ථාපිත කිරීම ආදී සුවිශේෂී කරුණු මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය මගින් පෙන්වා දිය හැකියි.
1970 දශකයේ පුවත්පත් ක්‍රියාකාරීත්වය
පුවත්පත් සංඛ්‍යාව විශාල වීමක් සහ අලෙවිය වැඩිවීමක් සිදුවිය උදාහරණ සිළුමිණ පුවත්පතෙහි නව යුගයේ පුවත්පත
දේශපාලන පක්ෂවලට අයත් පුවත්පත් හා ප්‍රකාශන මෙම යුගයේදී බිහි විය.
උදාහරණ-
- එක්සත් ජාතික පක්ෂය තුළ වූ පුවත්පත-:මෙන්ශන් පුවත්පත
සියරට පුවත්පත
- ජනතා විමුක්ති පෙරමුණ-:ු රතු බලය
- ලංකා සම සමාජ පක්ෂය-: ජන දින
ජනසතිය
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-: දිනකර
සිරිලක
ජන වේගය
- දෙමළ පක්ෂය-: සුතන් තිරන්
ප්‍රමුඛ පෙළේම දක්නට ලැබෙන පක්ෂවලන් බිහි වූ පුවත්පත් හා ප්‍රකාශන විය.
මෙම යුගයේ දක්නට ලැබුණ පුවත්පත් ක්‍රමය සඳහා උදාහරණ වන්නේ කොළඹ පුවත්පතයි මෙය 1973 වර්ෂයේදී නිර්මාණය වූ පුවත්පතකි.
එම මෙම කාලවකවානුවේදී දෙමළ පුවත්පත් වර්ධනයක් සිදුවිය උදාහරණ( වීර කේශ්වරී)
නම් පුවත්පත.
මෙම යුගයේ දී බිහූ සුවිශේෂී පුවත්පත් කාණ්ඩයක් ලෙස චිත්‍රකතා පුවත්පත් ආරම්භය 1972 වර්ෂයේදී සිදුවිය. උදාහරණ වශයෙන්
- සතුට පුවත්පත
- සිත්තර පුවත්පත
- දසුන පුවත්පත වෙයි .එකල චිත්‍රකතා පුවත් නැරඹීමට පාසල් අධ්‍යාපනයට තහනම් විය.
හැත්තෑව දශකයේ පුවත්පත් පාලනය සහ රාජ්‍ය මැදිහත්වීම.
1973 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පිහිටුවීම
1973 වර්ෂයේදී ලේක් හවුස් ආයතනයේ රජයට පවරා ගැනීම
1974 වර්ෂයේ දී ස්වාධීන පත්‍ර කලා සාමාගම වු දවස නම් ආයතනය සීල් තැබීම,
1974 වර්ෂයේ දී ාජ්‍යයට බදු නොගැවනීම නිසා ටයිම්ස් ආයතනය රජයට පවරා ගැනීම සිදුවිය
දවස පුවත්පත් ආයතනය ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම සිදුකරන ලද පුවත්පතකි. එම නිසා මෙම පුවත්පත සීල් තැබූ බව කියවේ.
ඉහත දක්වන ලද කරුණු ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තයහි 1970 දශකයේ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණ වෙයි,
.jpg)
.jpg)
