සන්නිවේදන නිර්වචන
සන්නිවේදනය.........👇👇👇
සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදු වන බව දක්නට ලැබේ.
සන්නිවේදනය
පිළිබද විවිධ නිර්වචන අතීතයේ සිටම විදේශීය විද්වතුන්
මෙන්ම දේශීය විද්වතුන් ද විවිධ ශබ්දකෝෂ
තුළින් ද නිර්වචන පිළිබද
හදුන්වා දී ඇත.
විල්බර්
ශ්‍රාම්ගේ
නිර්වචනය
සන්නිවේදන
විෂය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක්වූ
මහාචාර්යය විල්බර්ශ්‍රාම් 1973 වසරේදී සන්නිවේදන නිර්වචනයක් ඉදිරිපත් කළේය.
විල්බර්ශ්‍රාම්
පැහැදිලි කරන්නේ මිනිසා විසින් සමාජය තුළ කරනු ලබන
සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳවයි.
හැරල්ඞ්
ලැස්වේල්ගේ
නිර්වචනය
" කිසියම් කෙනෙක් කිසියම් මාධ්‍යකින් යමෙකුට යම් බැලපෑමක් කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන දෙය සන්නිවේදනයයි "
සන්නිවේදනය යනු කුමක්දැයි වඩාත්
විද්‍යාත්මකව පැහැදිලි කළ හැරල්ඞ් ලැස්වේල්
ගේ සන්නිවේදන නිර්වචනය බොහෝ දෙනාගේ අවධානය
දිනාගැනීමට සමත් වී ඇත-
සන්නිවේදනය විෂයානුබද්ධව, විද්‍ය්‍යාාත්මකව විග්‍රහ කරන ලැස්වෙල්ගේ නිර්වචනය
සන්නිවේදනයේ අංග 05ක් වැදගත් වේ.
- කවුරුන්
විසින් - සන්නිවේදන, මුලාශ්‍රය, සන්නිවේදකස්තානය
- කුමක්
- පනිවිඩය/සන්දේශය (අන්තර්ගතය)
- කුමන
මාධ්‍යයයකින් -වාහකය/චැනලය/මාධ්‍යය
- කවරෙකුට
- ග්‍රාහකයා
- කුමක්
සඳහා -සන්නිවේදන ඵලය/බලපෑම
ක්ලෝඞ්ෂැනන් හා වොරන්න් විවර්ගේ නිර්වචනය
" යම් තැනක සකස් කල පණිවිඩයක් තවත් තැනක ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි "
·
මෙම විදවතුන් දෙපළ 1954 වසරේදි සන්නිවේදන අර්ථකතනය කර ඇත.
විෂයානුබද්ධ ප්‍රවේශයකින් සන්නිවේදනය දෙස බලන ෂැනන්
සහ විවර් තෝරා ගැනීම පිලිබඳ
සඳහන් කිරීම නිසා මෙම නිර්වචනය
තුළ සමාජ සංස්කෘතික සහ
දේශපාලන ප්‍රවේශයක්ද තිබිය හැකි බවට තර්ක
කළ හැකිය. එනම් පණිවිඩය තෝරා
ගැනීම සඳහා සමාජ දේශපාලන
බලපෑමක් තිබිය හැකි නිසාය. එමෙන්ම
පණිවිඩයය ප්‍රතිනිර්මාණය සඳහා විද්‍යාත්මක හා
තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කළ හැකි බැවින්
මෙහි විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශයක්ද
ඇතැයි කිව හැකිය.
මෙම නිර්වචනය තුළද සන්නිවේදන අංග
කිහිපයක් හඳුනාගත හැකිය.
·
යම් තැනකදි
තෝරා ගත් පණිවිඩයක් - මුලාශ්‍රය/සන්නිවේදන ස්ථානය
වෙනත්
තැනකදි - ග්‍රාහකයා/ග්‍රාහක ස්ථානය
ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය-පණිවිඩය/අන්තර්ගතය
තෝරා ගන්නා පණිවිඩ තවත් තැනකදි ප්‍රතිනිර්මාණය
කිරීමට මාධ්‍යයක් හෙවත් චැනලයක් යොදා ගැනීම හෝ
මෙම ක්‍රියාවලියේ අරමුණ හෝ ඵළය පිළිබඳ
මෙහිදි පැහැදිලිව සඳමන් කර නැත. නමුත්
මෙම සන්නිවේදන අංග දෙක පිළිබඳ
ඉඟිකිරීමක් සමස්ථ නිර්වචනය විග්‍රහ කිරීමේදි අපට හඳුනාගත හැකිය.
එනම්, යමක් ප්‍රතිනිර්මාණය කිරීමට
යම් විධික්‍රමයක් හා මාධ්‍යයක් අවශ්‍යය
වන අතර නිර්මාණයක් කිරීමට
අරමුණක්ද නිර්මාණයේ බලපෑමක්ද පවතියි.
ඔක්ස්ෆර්ඩ්
ශබ්දකොෂය
සන්නිවේදනය යනු, අදහස්, දැණුම,
යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ
සංඥා මගින් ප්‍රදානය කිරීම හෝ හුවමාරු කර
ගැනීමයි.(1990)
මිනිසුන්
තුළ පවත්නා විවිධ යෝජනා අදහස් සේම ඔවුන් තුළ
එක්රැස්කරගෙන ඇති විවිධ ක්කේෂ්ත්‍ර
වලට අදාළ දැනුම, කතාබහ
කිරීම හරහා හෝ ලේඛනය
යොදාගෙන සහ එකිනෙකට වෙනස්
වූ සංකේත භාවිතයෙන් තවත් පිරිසක් වෙත
ලබාදීම සන්නිවේදනය වන බවයි.
Ex -: පුවත්පත,
පොත්පත් හරහා විවිධත්වයෙන් යුත්
තොරතුරු ජනතාවට ලබාදීම
%20sanni.jpeg)