සමූහ සන්නිවේදනය (Group Communication)
![]() |
සමූහ සන්නිවේදනය (Group Communication |
කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති ව එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය යි. මෙහි දී සමූහ යන්නෙන් අදහස් වන්නේ කුඩා පිරිසකි. එනම් සීමා සහිත ප්‍රමාණයකින් යුතු සමූහයකි.
සමූහ සන්නිවේදනය තුළ අප හදුනාගන්නා කණ්ඩායම් වර්ග 05 කි
• අහඹු කණ්ඩායම්
• විශෝධන කණ්ඩායම්
• ඉගෙනුම් කණ්ඩායම්
• ප්‍රතිපත්ති කණ්ඩායම්
• ක්‍රියාකාරී කණ්ඩායම්
* හදිස්සියේ හෝ සැලසුමකින් තොරව රැස්වන කණ්ඩායම් අහඹු කණ්ඩායම් ලෙස හදුනා ගතහැකිය. (බස්නැවතුම් පොළක)
* විශෝධන කණ්ඩායම් එක්වන්නේ චිත්ත වේග මතය. (උද්ඝෝෂණ කණ්ඩායමක්)
* දැනුම හෝ තොරතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඉගෙනුම් කණ්ඩායම් රැස්වෙයි. (පාසල)
* තීරණ ගැනීම සදහා එක්වන්නේ ප්‍රතිපත්ති කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩල, කැබිනට් මණ්ඩලය)
* යමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එක්වන්නේ ක්‍රියාකාරී කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය)
සමූහ සන්නිවේදනය සාර්ථක වීමට බලපාන නිපුනතා
• සමූහය හදුනා ගැනීම
• සාමූහිකව වැඩකිරීම
• වගකීම
• වගවීම
• සම්මුඛ සාකච්ජා
• විසම්මුතිය
• ආචාරශීලිත්වය
උදා - ආගමික දේශනා, දේශපාලන රැස්වීම්, සම්මන්ත්‍රණ, කාර්ය මණ්ඩල රැස්වීම්, සමූහ දුරකථන සංවාද
සමූහ සන්නිවේදනයේ ප්‍රයෝජන
• සමාජීය පොදු කාර්යයන්වල දී ඉවහල් වීම
• විවිධ මති මතාන්තර, අදහස් හා යෝජනා දැන ගැනීමට හැකි වීම
• පුද්ගල සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම
• සහභාගි වන පිරිසගෙන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකි වීම
• දැනුම, සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව
සමූහ සන්නිවේදයේ විශේෂ ලක්ෂණ
• සාමූහික ක්‍රියාවලියක් වීම
• නායකත්ව කාර්යයට ප්‍රමුඛතාවය ලැබීම
• මත ගණනාවක් අතරින් හොද මතය තෝරා ගැනීම
![]() |
සමූහ සන්නිවේදනය (Group Communication☝✋☝ |

.jpeg)