සන්නිවේදනය යනු,
![]() |
| communication |
අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන
හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම ආදී සියල්ල සන්නිවේදන ක්‍රියාවලිය හා
ප්‍රතිබද්ධ වී ඇත. මානව සන්නිවේදනය කුමක්දැයි හඳුනා ගැනීඹට නම් අපි
විසින් ජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයාබැලිය
යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනාඟා ගන්නේ සන්නිවේදනය මුල් කර ගෙනය. විශාල
ජන පිරිසක්, ඔවුනොවුන් අතර අදහස්, තොරතුරු
හුවමාරු කර ගැනීඹට ප්‍රයත්න දරනවා විය හැකිය. එහෙත් මෙම ක්‍රියාවලිය එවුන් සිතන
ආකාරයෙන් ඉටු නෙවීමට පුළුවන.
සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද් -වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි.
සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත් ,
නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ගම්‍ය වේ. ,
විද් යන ධාතුවෙන් දැනීම,
හැඟීම, වේදනය යනාදී අදහස් වාද්‍ය වේ. ,
ඉංග්‍රිසියෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩනාගගෙන තිබේ. ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද
වූ බව සලකනු ලැබේ. පොදු තත්ත්වයට පත් කිරීම, හුවමාරු කර
ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීඹ, හා සම්ප්‍රේෂණය
යන අදහස් ඉදිරිපත් වේ. සරල ලෙස විග්‍රහ කරන විට මේ වචනවලින් ඉදිරිපත් වන්නේ අදහස්,
තොරතුරු, හුවමාරු කර ගැනීමය.
සන්නිවේදනය යන වචනයෙහි අර්ථ විග්‍රහය පසු කාලයේ දී පුළුල් වී ඇති බව දක්නට ලැබේ. එසේ වී ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන් සමඟ සන්නිවේදනයෙහි ඇති සම්බන්ධතා නිසයි.
සන්නිවේදන
අවස්ථාවලට උදා -
·
ගුරුවරයා පාඩම
කියා දෙන අතර සිසුන් විසින් එය සාමදානව අසා සිටි මෙහිදී ගුරුවරයා සන්නිවේදකයා වන
අතර සිසුන් ග්‍රහකයන් වෙයි ඔවුන් අතර තොරතුරු හුවමාරු වෙයි.
එසේම
සන්නිවේදනය
·
සත්ව
සන්නිවේදනය
·
මානව
සන්නිවේදනය ලෙසද වර්ග කළ දැක්විය හැකියි .
සත්ව
සන්නිවේදනය යනු ක්ෂුද්‍ර
ජීවීන් සිට නිල් තල්මසුන් දක්වා මිනිසුන් නොවන ප්‍රාණීන් සත්වත්වයින් ගණයට අයත් වේ
.සත්වයින් ආහාර සොයා යෑමේ ක්‍රියාවලියේදී විවිධ සන්නිවේදන උපක්‍රම භාවිතා කරනු
ලබයි මී මැස්සන් වැනි කෘමි සතුන් ආහාර පවතින ස්ථාන පිළිබඳව තම වර්ගයාට සන්නිවේදනය
කරයි කටු වැනි සතුන් තම වැනි සතුන් තමාගේ ව වැනි සතුන් තමාගේ වර්ණ වැනි සතුන්
තමාගේ වර්ණය වෙනස් කර වැනි සතුන් තමාගේ වර්ණය වෙනස් කර ගනිමින් වි වැනි සතුන්
තමාගේ වර්ණය වෙනස් කර ගනිමින් වැනි සතුන් තමාගේ වර්ණය වෙනස් කර ගනිමින් ආරක්වනු
ලබයි.
යම් සමාජයක
මානව පිරිස අතර ඇති වන තොරතුරු හුවමාරුව මානව සන්නිවේදනය ලෙස දැක්විය
හැකිය. සමාජය බිහි වී ඇත්තේ මෙසේ එහි සිටින මානවයන් අතර ඇති වන සන්නිවේදනය නිසාය.
එසේ සන්නිවේදනයක් ඇති නොවන්නේ නම් එය සමාජයක් නොවේ. මේ නිසා සමාජය බිහි වීමේ ප‍්‍රධාන
ක‍්‍රියාවලිය බවට පත් වන්නේ සන්නිවේදනය බව කිව හැකිය
සමහරු සන්නිවේදනය යන වචනය සඳහා විඥාපන යන වචනය යොදයි.
සංනිවේදන
හඳුන්වාදීමට දේශීය මෙන්ම විදේශීය විද්වතුන් ද උත්සුක වී ඇත ඒ පිළිබඳ නිර්වචන මෙසේය,
විදේශීය විද්වතුන්ගේ නිර්වචන_;
·
පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම
සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි
කොට ඇත.
·
චාල්සි කුලී නමැති සමාජ විද්‍යාඥයා -දක්වන පරිදි මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, සියලු සංකේත
මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ
බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීඹටත් උපකාර වන උපක්‍රමය සන්නිවේදනය වන බවයි. කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමෙච් අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ
සිටම දැනුන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත, අකුරු, මුද්‍රණය හා තාක්ෂණික මාධ්‍ය යනාදිය බිහිවිය. මෙම ඓතිහාසික වරර්ධනය තුළ
සන්නිවේදන ක්‍රියවලිය ද පුළුල් වී ගිල බව පෙනේ.
·
හැරල්ඩ් ඩී.ලැස්වේල් නමැති දේශපාලන
විද්‍යාඥයා පැහැදිලි කරන ආකාරයට කිසියම් පුද්ගලයෙක් යම්
කිසිවක් , කිනම් මාධ්‍යයකින්, යමෙකුට
කිසියම් අර්ථයක් සඳහා කියනු ලබන දෙය සන්නිවේදනයයි. ලැස්වේල් දේශපාලන කටයුතු අරමුණු
කරගෙන මෙකී විග්‍රහය කර ඇති බව පෙනේ. කෙසේ වෙතත් සන්නිවේදනයේ මූලික ලක්ෂණ හඳුනා
ගැනීමට ඔහුගේ විග්‍රහය උපකාරී වන බව කිව හැකිය.
·
කෝලියර්ගේ විශ්ව කෝෂයට අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සතෙකුගෙන් සතෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට හෝ
තොරතුරු ගලාගෙන යාම සන්නිවේදනයයි.
·
එඩ්වින් එමරි විග්‍රහ කොට ඇත්තේ අදහස් ගෙන
යන කලාව සන්නිවේදනය වන බවයි. සන්නිවේදනය යනු එක්තරා අර්ථවත් නිර්මාණශීලී
කලාවකි. එනම්, චිත්‍රපටි, නාට්‍ය, කෙටි කතා, නව කතා, කවි, ගීත වැනි අදහස් රඳවා තිබෙන නිර්මාණශීලීත්වයක් මේ තුළ තිබේ.
දේශීය විද්වත්
සන්නිවේදන නිර්වචන
·
අප සන්නිවේදනය
හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමයි
චන්ද්‍රසිරි රාජපක්‍ෂ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය
·
සංස්කෘතිය හා සන්නිවේදනය යනු විෂයයක් දෙකක් නොව
එක් සජීවී විෂයක් ලෙස හැදෑරීමට සිදුවී තිබේ. මානව සංස්කෘතික ඉතිහාසය ඒ සන්නිවේදන
ඉතිහාසය බව පැහැදිලි කරදීමට සිදුවේ.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කැලණිය විශ්වවිද්‍යාල ජන සන්නිවේදන අධ්‍යනයන අංශය
ආශිත ග්‍රන්ථ
1. චන්ද්‍රසිරි රාජපක්ෂ, සන්නිවේදන මූලධර්ම 01,
