Saturday, December 13, 2025

අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)

  අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)


 අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)




 අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)




 අන්තර් පුද්ගල සන්නිවේදනය යනු දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයයි.අවස්ථාවක එහි සිටින දෙදෙනෙකු අතරද සන්නිවේදනය සිදුවිය හැකියි. 

අන්තර් පුද්ගල සන්නිවේදනය  පුද්ගලයන් දෙදෙනකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි -

                   -මෙල්වින් සහා  එවරට් ඊ. ඩෙනිස්-

පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනයයි

                   -චාල්ස්.ආර්.බර්ගර්- 

ඉහත දක්වන ලද ආකාරයට ් විද්වතුන්ද   අන්තර් පුද්ගල සන්නිවේදනය පිළිබඳ අර්ථ දක්වා ඇත.

පුද්ගල සන්නිවේදනය සිදුවන ආකාර

       1).මුහුණට මුහුණලා කෙරෙන පුද්ගලාන්තර සන්නිවේදනය

  පුද්ගලාන්තර සන්නිවේදනයේ දී පුද්ගලයන් දෙදෙනකු හෝ ිහිපදෙනෙක් මුහුණට මුහුණලා සජීවීව සන්නිවේදනයේ යෙදේ වාචික හා අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතා කළ හැකි නිසා බාධක අවමය. 

       2)යන්ත්‍ර සහායක පුද්ගලනාන්තර සන්නිවේදනය

      පුද්ගලයන් දුරස්ථව සිටින අවස්ථාවලදී විවිධ ක්‍රමෝපායන් රහා හා තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතයෙන් නොයෙකුත් විධික්‍රම හරහා මෙහිදී සන්නිවේදනයේ යෙදීමට හැකි වේ උදාහරණ -: දුරකථන ජංගම හා ස්ථාවර , සමාජ ජාල ,අන්තර්ජාල දුරකථනය දෑ භාවිතයෙන්. 

  අන්තර්  පුද්ගල සන්නිවේදනයේ දී,

    1.      සන්නිවේදකයා තරමටම ග්‍රහකයාද වැදගත්ය
    2.       පුද්ගල සන්නිවේදනය මූලිකව සමාජ සම්බන්ධතා ගොඩ නගයි
    3.       අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ආචාරශීලිව සන්නිවේදනයේ යෙදීමෙන්        දෙපාර්ශ්වයටම ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකියි 
    4.     සන්නිවේදකය හා ග්‍රාහකයා භූමිකා මාරු වේ
    5.     බාධක අවම කර ගත හැක
    6.     නිර්වාචික සන්නිවේදනය වැදගත් මෙහෙවරක් ඉටුකරයි.

අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ-:

  •      ග්‍රාහක කේන්ද්‍රීය වේ.
  •      සහවේදන හැකියාව වර්ධනය වේ 
  •      ප්‍රතිචාර ප්‍රතිපෝෂණය එම අවස්ථාවේදීම ලබාගත හැකි වේ
  •      වාචික මෙන්ම අවාසික සන්නිවේදන විධික්‍රම භාවිතය
  •      කාල අවකාශ සීමාවන් පැන නොනැගීම
  •      මුහුණට මුහුණලා සන්නිවේදනයෙහි යෙදීමේ හැකියාව
  •      පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සන්නිවේදනය සිදුවීම.


ඉහත දකවන ලද ආකාරයට අන්තර් පුද්ගල සන්නිවේදනය හඳුන්වා දිය හැකියි.


Friday, December 12, 2025

සන්නිවේදන වර්ග ( අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය )

සන්නිවේදන වර්ග

 

 

intrapersonal Communication
                                                              

සන්නිවේදන වර්ග යන්නට ඉංග්‍රීසි භාෂාවේ "Types of Communication " ලෙස භාවිත වේ. සන්නිවේදන වර්ග ලෙස,

1)                       අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය (Intrapersonal Communication)

2)                       අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)

3)                       සමුහ සන්නිවේදනය (Group Communication)

4)              මහජන සන්නිවේදනය (Public Communication)

5)                     ජන සන්නිවේදනය (Miss Communication)

6)                     අතථ්‍ය සන්නිවේදනය (Virtual Communication)

හඳුන්වා දිය හැකිය.

 

1. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය(Intrapersonal Communication)

 

* තමා තමා සමග ම සිදු කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යි. සෑම පුද්ගලයකු ම තම මතස හා සම්බන්ධ වෙමින් සන්නිවේදනයේ යෙදෙයි.

* අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස පත නාසය, දිව, සම යන ඉන්ද්‍රියයනට දනෙන රූපයද ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී ප්‍රධාන වේ.

*පුද්ගල මනෝභාවයත්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමත් විසින් ම තමත් තුළ විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ.

*විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගෙන අප තුළ ම සංවාදයක් ගොඩ නැඟේ. මෙය සිදු වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මඟිනි. එය තීරණ ගැනීමට පුද්ගලයාට ඉවහල් වේ.

* ස්ව සංකල්පය ගොඩ නැගීමට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උපකාර වේ.

*තම මහස අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබේ.

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී පුද්ගල ස්මෘතික ශක්තිය වැදගත් වේ.

* සංජාතනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ මූලිකාංගයකි. 

* අතැම් අවස්ථාවල දී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගල චර්යා හා ඉරියවු වලින් දැනගත හැකි වේ. 

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.

 1. පෞරුෂ වර්ධනයට

 2.ස්ව සංකල්ප පෝෂණයට 

 3 චින්තනය ගොඩ නංවා ගැනීමට

 4. මතක තබා ගැනීම සඳහා

 5. තීරණ ගැනීමට

 6. විචාරශීලිත්වය වර්ධනය කර ගැනීමට

 7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට

 මේ ආකාරයට සන්නිවේදන වර්ගය යටතට ගැනෙන පළමු සන්නිවේදන වර්ගය ලෙස අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය හඳුන්වා දිය හැකියි.

 


Saturday, November 15, 2025

සන්නිවේදන නිර්වචන

සන්නිවේදන නිර්වචන

සන්නිවේදනය.........👇👇👇

                                                            සන්නිවේදන නිර්වචන

                                              සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස  න්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදු වන බව දක්නට ලැබේ

සන්නිවේදනය පිළිබද විවිධ නිර්වචන අතීතයේ සිටම විදේශීය විද්වතුන් මෙන්ම දේශීය විද්වතුන් විවිධ ශබ්දකෝෂ තුළින් නිර්වචන පිළිබද හදුන්වා දී ඇත.

විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය    

සන්නිවේදන විෂය පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් දැක්වූ මහාචාර්යය විල්බර්ශ්‍රාම් 1973 වසරේදී සන්නිවේදන නිර්වචනයක් ඉදිරිපත් කළේය.                

  " තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික පැවැත්මක් ඇති කිරීම සන්නිවේදනයයි."

                                               විල්බර්ශ්‍රාම් පැහැදිලි කරන්නේ මිනිසා විසින් සමාජය තුළ කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳවයි

 

හැරල්ඞ් ලැස්වේල්ගේ නිර්වචනය

"
කිසියම් කෙනෙක් කිසියම් මාධ්‍යකින් යමෙකුට යම් බැලපෑමක් කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන දෙය සන්නිවේදනයයි "


සන්නිවේදනය යනු කුමක්දැයි වඩාත් විද්‍යාත්මකව පැහැදිලි කළ හැරල්ඞ් ලැස්වේල් ගේ සන්නිවේදන නිර්වචනය බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත-
සන්නිවේදනය විෂයානුබද්ධව, විද්‍ය්‍යාාත්මකව විග්‍රහ කරන ලැස්වෙල්ගේ නිර්වචනය සන්නිවේදනයේ අංග 05ක් වැදගත් වේ.

  • කවුරුන් විසින් - සන්නිවේදන, මුලාශ්‍රය, සන්නිවේදකස්තානය
  • කුමක් - පනිවිඩය/සන්දේශය (අන්තර්ගතය)
  • කුමන මාධ්‍යයයකින් -වාහකය/චැනලය/මාධ්‍යය
  • කවරෙකුට - ග්‍රාහකයා
  • කුමක් සඳහා -සන්නිවේදන ඵලය/බලපෑම

 

ක්ලෝඞ්ෂැනන් හා වොරන්න් විවර්ගේ නිර්වචනය

" යම් තැනක සකස් කල පණිවිඩයක් තවත් තැනක ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි

·      
මෙම විදවතුන් දෙපළ 1954 වසරේදි සන්නිවේදන අර්ථකතනය කර ඇත.
විෂයානුබද්ධ ප්‍රවේශයකින් සන්නිවේදනය දෙස බලන ෂැනන් සහ විවර් තෝරා ගැනීම පිලිබඳ සඳහන් කිරීම නිසා මෙම නිර්වචනය තුළ සමාජ සංස්කෘතික සහ දේශපාලන ප්‍රවේශයක්ද තිබිය හැකි බවට තර්ක කළ හැකිය. එනම් පණිවිඩය තෝරා ගැනීම සඳහා සමාජ දේශපාලන බලපෑමක් තිබිය හැකි නිසාය. එමෙන්ම පණිවිඩයය ප්‍රතිනිර්මාණය සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කළ හැකි බැවින් මෙහි විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවේශයක්ද ඇතැයි කිව හැකිය.
මෙම නිර්වචනය තුළද සන්නිවේදන අංග කිහිපයක් හඳුනාගත හැකිය.

·        යම් තැනකදි තෝරා ගත් පණිවිඩයක් - මුලාශ්‍රය/සන්නිවේදන ස්ථානය

        වෙනත් තැනකදි - ග්‍රාහකයා/ග්‍රාහක ස්ථානය

           ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය-පණිවිඩය/අන්තර්ගතය




තෝරා ගන්නා පණිවිඩ තවත් තැනකදි ප්‍රතිනිර්මාණය කිරීමට මාධ්‍යයක් හෙවත් චැනලයක් යොදා ගැනීම හෝ මෙම ක්‍රියාවලියේ අරමුණ හෝ ඵළය පිළිබඳ මෙහිදි පැහැදිලිව සඳමන් කර නැත. නමුත් මෙම සන්නිවේදන අංග දෙක පිළිබඳ ඉඟිකිරීමක් සමස්ථ නිර්වචනය විග්‍රහ කිරීමේදි අපට හඳුනාගත හැකිය. එනම්, යමක් ප්‍රතිනිර්මාණය කිරීමට යම් විධික්‍රමයක් හා මාධ්‍යයක් අවශ්‍යය වන අතර නිර්මාණයක් කිරීමට අරමුණක්ද නිර්මාණයේ බලපෑමක්ද පවතියි.

 

ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂය

 සන්නිවේදනය යනු, අදහස්, දැණුම, යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම හෝ හුවමාරු කර ගැනීමයි.(1990)

මිනිසුන් තුළ පවත්නා විවිධ යෝජනා අදහස් සේම ඔවුන් තුළ එක්රැස්කරගෙන ඇති විවිධ ක්කේෂ්ත්‍ර වලට අදාළ දැනුම, කතාබහ කිරීම හරහා හෝ ලේඛනය යොදාගෙන සහ එකිනෙකට වෙනස් වූ සංකේත භාවිතයෙන් තවත් පිරිසක් වෙත ලබාදීම සන්නිවේදනය වන බවයි.

Ex -: පුවත්පත, පොත්පත් හරහා විවිධත්වයෙන් යුත් තොරතුරු ජනතාවට ලබාදීම