Friday, December 12, 2025

සන්නිවේදන වර්ග ( අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය )

සන්නිවේදන වර්ග

 

 

intrapersonal Communication
                                                              

සන්නිවේදන වර්ග යන්නට ඉංග්‍රීසි භාෂාවේ "Types of Communication " ලෙස භාවිත වේ. සන්නිවේදන වර්ග ලෙස,

1)                       අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය (Intrapersonal Communication)

2)                       අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)

3)                       සමුහ සන්නිවේදනය (Group Communication)

4)              මහජන සන්නිවේදනය (Public Communication)

5)                     ජන සන්නිවේදනය (Miss Communication)

6)                     අතථ්‍ය සන්නිවේදනය (Virtual Communication)

හඳුන්වා දිය හැකිය.

 

1. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය(Intrapersonal Communication)

 

* තමා තමා සමග ම සිදු කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යි. සෑම පුද්ගලයකු ම තම මතස හා සම්බන්ධ වෙමින් සන්නිවේදනයේ යෙදෙයි.

* අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස පත නාසය, දිව, සම යන ඉන්ද්‍රියයනට දනෙන රූපයද ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී ප්‍රධාන වේ.

*පුද්ගල මනෝභාවයත්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමත් විසින් ම තමත් තුළ විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ.

*විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගෙන අප තුළ ම සංවාදයක් ගොඩ නැඟේ. මෙය සිදු වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මඟිනි. එය තීරණ ගැනීමට පුද්ගලයාට ඉවහල් වේ.

* ස්ව සංකල්පය ගොඩ නැගීමට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උපකාර වේ.

*තම මහස අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබේ.

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී පුද්ගල ස්මෘතික ශක්තිය වැදගත් වේ.

* සංජාතනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ මූලිකාංගයකි. 

* අතැම් අවස්ථාවල දී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගල චර්යා හා ඉරියවු වලින් දැනගත හැකි වේ. 

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.

 1. පෞරුෂ වර්ධනයට

 2.ස්ව සංකල්ප පෝෂණයට 

 3 චින්තනය ගොඩ නංවා ගැනීමට

 4. මතක තබා ගැනීම සඳහා

 5. තීරණ ගැනීමට

 6. විචාරශීලිත්වය වර්ධනය කර ගැනීමට

 7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට

 මේ ආකාරයට සන්නිවේදන වර්ගය යටතට ගැනෙන පළමු සන්නිවේදන වර්ගය ලෙස අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය හඳුන්වා දිය හැකියි.

 


14 comments: