Tuesday, December 16, 2025

සමූහ සන්නිවේදනය (Group Communication

 

සමූහ සන්නිවේදනය (Group Communication)

 

 

සමූහ සන්නිවේදනය (Group Communication


කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති එකට එක් සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය යි. මෙහි දී සමූහ යන්නෙන් අදහස් වන්නේ කුඩා පිරිසකි. එනම් සීමා සහිත ප්‍රමාණයකින් යුතු සමූහයකි.

සමූහ සන්නිවේදනය තුළ අප හදුනාගන්නා කණ්ඩායම් වර්ග 05 කි

අහඹු කණ්ඩායම්

විශෝධන කණ්ඩායම්

ඉගෙනුම් කණ්ඩායම්

ප්‍රතිපත්ති කණ්ඩායම්

ක්‍රියාකාරී කණ්ඩායම්

* හදිස්සියේ හෝ සැලසුමකින් තොරව රැස්වන කණ්ඩායම් අහඹු කණ්ඩායම් ලෙස හදුනා ගතහැකිය. (බස්නැවතුම් පොළක)

* විශෝධන කණ්ඩායම් එක්වන්නේ චිත්ත වේග මතය. (උද්ඝෝෂණ කණ්ඩායමක්)

* දැනුම හෝ තොරතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඉගෙනුම් කණ්ඩායම් රැස්වෙයි. (පාසල)

* තීරණ ගැනීම සදහා එක්වන්නේ ප්‍රතිපත්ති කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩල, කැබිනට් මණ්ඩලය)

* යමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එක්වන්නේ ක්‍රියාකාරී කණ්ඩායම්ය. (ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය, කැබිනට් මණ්ඩලය)

සමූහ සන්නිවේදනය සාර්ථක වීමට බලපාන නිපුනතා

සමූහය හදුනා ගැනීම

සාමූහිකව වැඩකිරීම

වගකීම

වගවීම

සම්මුඛ සාකච්ජා

විසම්මුතිය

ආචාරශීලිත්වය

උදා - ආගමික දේශනා, දේශපාලන රැස්වීම්, සම්මන්ත්‍රණ, කාර්ය මණ්ඩල රැස්වීම්, සමූහ දුරකථන සංවාද

සමූහ සන්නිවේදනයේ ප්‍රයෝජන

සමාජීය පොදු කාර්යයන්වල දී ඉවහල් වීම

විවිධ මති මතාන්තර, අදහස් හා යෝජනා දැන ගැනීමට හැකි වීම

පුද්ගල සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම

සහභාගි වන පිරිසගෙන් ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකි වීම

දැනුම, සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව

සමූහ සන්නිවේදයේ විශේෂ ලක්ෂණ

සාමූහික ක්‍රියාවලියක් වීම

නායකත්ව කාර්යයට ප්‍රමුඛතාවය ලැබීම

මත ගණනාවක් අතරින් හොද මතය තෝරා ගැනීම

 

සමූහ සන්නිවේදනය (Group Communication☝✋☝



 

 

14 comments: