Saturday, December 13, 2025

අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)

  අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)


 අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)




 අන්තර්පුද්ගල සන්නිවේදනය (Interpersonal Communication)




 අන්තර් පුද්ගල සන්නිවේදනය යනු දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයයි.අවස්ථාවක එහි සිටින දෙදෙනෙකු අතරද සන්නිවේදනය සිදුවිය හැකියි. 

අන්තර් පුද්ගල සන්නිවේදනය  පුද්ගලයන් දෙදෙනකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි -

                   -මෙල්වින් සහා  එවරට් ඊ. ඩෙනිස්-

පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනයයි

                   -චාල්ස්.ආර්.බර්ගර්- 

ඉහත දක්වන ලද ආකාරයට ් විද්වතුන්ද   අන්තර් පුද්ගල සන්නිවේදනය පිළිබඳ අර්ථ දක්වා ඇත.

පුද්ගල සන්නිවේදනය සිදුවන ආකාර

       1).මුහුණට මුහුණලා කෙරෙන පුද්ගලාන්තර සන්නිවේදනය

  පුද්ගලාන්තර සන්නිවේදනයේ දී පුද්ගලයන් දෙදෙනකු හෝ ිහිපදෙනෙක් මුහුණට මුහුණලා සජීවීව සන්නිවේදනයේ යෙදේ වාචික හා අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතා කළ හැකි නිසා බාධක අවමය. 

       2)යන්ත්‍ර සහායක පුද්ගලනාන්තර සන්නිවේදනය

      පුද්ගලයන් දුරස්ථව සිටින අවස්ථාවලදී විවිධ ක්‍රමෝපායන් රහා හා තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතයෙන් නොයෙකුත් විධික්‍රම හරහා මෙහිදී සන්නිවේදනයේ යෙදීමට හැකි වේ උදාහරණ -: දුරකථන ජංගම හා ස්ථාවර , සමාජ ජාල ,අන්තර්ජාල දුරකථනය දෑ භාවිතයෙන්. 

  අන්තර්  පුද්ගල සන්නිවේදනයේ දී,

    1.      සන්නිවේදකයා තරමටම ග්‍රහකයාද වැදගත්ය
    2.       පුද්ගල සන්නිවේදනය මූලිකව සමාජ සම්බන්ධතා ගොඩ නගයි
    3.       අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ආචාරශීලිව සන්නිවේදනයේ යෙදීමෙන්        දෙපාර්ශ්වයටම ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකියි 
    4.     සන්නිවේදකය හා ග්‍රාහකයා භූමිකා මාරු වේ
    5.     බාධක අවම කර ගත හැක
    6.     නිර්වාචික සන්නිවේදනය වැදගත් මෙහෙවරක් ඉටුකරයි.

අන්තර් පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ-:

  •      ග්‍රාහක කේන්ද්‍රීය වේ.
  •      සහවේදන හැකියාව වර්ධනය වේ 
  •      ප්‍රතිචාර ප්‍රතිපෝෂණය එම අවස්ථාවේදීම ලබාගත හැකි වේ
  •      වාචික මෙන්ම අවාසික සන්නිවේදන විධික්‍රම භාවිතය
  •      කාල අවකාශ සීමාවන් පැන නොනැගීම
  •      මුහුණට මුහුණලා සන්නිවේදනයෙහි යෙදීමේ හැකියාව
  •      පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සන්නිවේදනය සිදුවීම.


ඉහත දකවන ලද ආකාරයට අන්තර් පුද්ගල සන්නිවේදනය හඳුන්වා දිය හැකියි.


4 comments: