Tuesday, January 13, 2026

සිංහල පුවත්පත් ආරම්භය හා කවට කථිකයා පුවත්පත

 සිංහල පුවත්පත් ආරම්භය  හා කවට කථිකයා පුවත්පත

                                  සිංහල භාෂාවෙන් පුවත්පත් ආරම්භයට ද පෑම් කරන ලද්දේ මුද්‍රණාලයක හිමිකාරීත්වය ලබාගැනීමේ ගැටලුවත් සියම් රජුගේ ආධාර  දුවනව මුද්‍රණ යන්ත්‍රයක් සපයා ගැනීමට බුලත්ගම ධර්මාලංකාර සුමන තිස්ස හිමියෝ සමත් වූහ එය මෙරට සිංහලයන්ට අයත් වූ පළමු මුද්‍රණයන්ත්‍රය ලෙස හැගේ  1960 දී ලංකාව ලෝකනය පුවත්පත එම මුද්‍රණ යන්ත්‍රය පිහිටවීම ලංකෝපකාර මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලදී. ලංකා ලෝකයේ පුවත්පතෙහි මුල් පිටපත දක්නට නොමැති අතර තුන සහ හතර පිටපත් දක්නට ලැබේ. 

ශ්‍රී ලංකාවේ පළමු සිංහල ලියාපදිංචි පුවත්පත ලෙස ලක්මිණි පහන සඳහන් වේ රී ලංකාවේ දෙවැනි සිංහල පුවත්පත 1862 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ ලක්මිණි පහන නම් වේත් ලක්මිණි පහන පළ වූයේ කොග්ගල ධර්මරත්න පඬිතුමාගේ පතෘත්වයෙන් එහි ප්‍රකාශක ලෙස සඳහන් වන්නේ හෙන්රික් පෙරේරාය. 1980 දී ආරම්භ වූ සරසවි සඳරැස පුවත්පතී හිමිකාරීත්වය පැවතියේ පරම විඤ්ඤාර්ථ බෞද්ධ සමාගමටය ආරම්භක කතුවරයා වූයේ බේරගම පුංචි බණ්ඩාරය සරලස පුවත්පතෙි පාලනය කළ සමාගම හා පසුව එහි කතුවරයාව සිටි එච් පෙරේරා අතර ඇති වූ අරගලයකින් පසු කතෘ ධූරයෙන් ඉවත් කළ බවට තොරතුරු සපයයි. ඉංග්‍රීසි පාලනය තුළ සිදුවූ අසාධාරණකම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සරසවි සඳරැස පුවත්පත මගින් ප්‍රකාශ කර ඇත.සරසවි සඳරැස පුවත්පත පමණක් වැඩ වර්ජනයක් දුන්නා සිදුකර පෙනී සිටි ම දක්නට ලැබී ඇත.

 ඥානාර්ථ දීපය දීර්ඝ ඉතිහාසයක් සහිත පුවත්පතකි

 ද සෙලින් මැසේජර් මෙම පුවත්පත ද 19 සියවස් වලදී පලවිය.



                                                ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා’ ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;


‘සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා

පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර         යුත්තා

කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා

ලකට පහළ වූ මමවද කවටකතිකා          මුත්තා’


මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.


මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා’ යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල” කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.


රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. 

‘කම්මැලි කම පිට බුදියා ග      න්නේ

කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ

අඹරා පස්සට වස්ති කර         න්නේ

කම්මැලිකම් ඒකෙන් දුරු ව    න්නේ’




දොන් පෑලිස් අප්පුහාමි


7 comments: