සිනමාවේ ආරම්භය
චිත්‍රපටයේ සිනමා හෝ මූවී යන වචන වලින් හැඳින්වෙන මාධ්‍යයේ ඓතිහාසික වර්ධනය පිළිබඳ කෙරෙන විස්තරය චිත්‍රපට ඉතිහාසය තුළ අන්තර්ගත වේ. චිත්‍රපට ඉතිහාසයේ යනු දහනම වන සත්ත්ව වර්ෂයේ දී අග භාගයේ සිට නයේ දක්වා වසර සියයක අධික කාලයක් පුරා විහිදී යන්නකි චලන චිත්‍රය ක්‍රමයෙන් මුල් කාලයේ වඩාත් විනෝදාත්මක උපකරණයක් ලෙස භාවිතා වෙමින් විසි වන ශතවර්ශය හා විසි එක් වන ශතවර්ශය තුළ ජනමාධ්‍ය සන්නිවේදනය හා විනෝදාස්වාදනය යන ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර තුළ කේන්ද්‍රීය වැදගත්කමක් හිමි කරගෙන තිබෙන මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හ.ැකියි විසිවන ශතවර්ශයේ බොහෝමයක් චිත්‍රපට නිහඬ සිනමා කෘති ලෙස හඳුන්වා ගත හැකි අතර චලන චිත්‍ර ඇසුරු කොටගත් සිනමාව යනු කලාව තාක්ෂණය හා දේශපාලනය යන එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි යම් ආකාරයක බලපෑමක් ඇති කර ක්ෂේත්රයක් ලෙස හඳුන්වා දිය හැක.
![]() |
| රවුන්ඩ් හේ ගාර්ඩන් ජවනිකාව 1888, සෙලියුලොයිඩ් පට මත පටිගත කල ලොව පලමු චිත්‍රපටය |
1890 දශකයේ කාර්මික විප්ලවය ලෙස හද හඳුන්වන කාල පරිච්ඡේදය තුළ සිනමාව විනෝදාස්වාදය සැපයීමේ සරල මෙන්ම වඩාත් පහසු ලාභදායී මෙවලමක් ලෙස මුල් කාලයේදී හඳුනාගන්නා ලදී .පසුගිය වික්ටෝරියානු කාල පරිච්ඡේදය තුළ මූ වී නොහොත් චිත්‍රපට වඩාත් ජනප්‍රිය දුෂ්‍ය කලා ආකෘතිය ලෙස සලකනු ලැබීය සිනමාව බිහිවීමට පෙර එවැනි විනෝදාත්මක සංදර්ශන හෝ ජවනිකා සොයා මිනිස්ස්සු ඉතා ඈත ප්‍රදේශවලට යෑමට පුරුදුව සිටියහ සිනමාව බිහිවීමත් සමඟම ස්වරූපය වෙනස් විය සිනමාව බිහිවීමේ පළමු දශකය තුළ එම දර්ශනය නිරූපණය කිරීම ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වැඩිදියුණු කිරීමට එම ගවේෂකයෝ උත්සාහ කළහ. සිනමාව යනු තාක්ෂණික වශයෙන් වඩාත් සංකීර්ණ මාධ්‍යයකි. මෙම නව මාධ්‍ය සොයා ගැනීමට ප්‍රථමව ඒ සඳහා අවශ්‍ය බොහොමයක් තාක්ෂණික අවශ්‍යතා ඒකරාශී කර ගැනීමට සිදුවිය.
චිත්‍රපට බිහිවීමට ප්‍රථම එයට හේතුවන මුල් ස්වරූප වශයෙන් රංගනය සහ නර්තනය හඳුනාගත හැක එමෙන්ම චිත්‍රපට සඳහා බොහොමයක් උපාංග රැසක් ද අඩංගු වේ මේ අතර පිටපත,පසුතලයෝකය, රංගවස්ත්රාභරණ, අධ්‍යක්ෂණය, නළුවන්, ප්‍රේක්ෂකයන්, කතා මාලාව, නර්තන වින්‍යාසය, සංගීතය වැනි දෑ දැකිය හැක. මෙම උපශ්රේෂ්ඨ ගණනාවක ම චිත්‍රපටය හා රංග කලාව යන ක්ෂේත්‍ර දෙකෙහිම වචන කෝෂය තුළ සමගාමීව හඳුනාගත හැකියි.
චිත්‍රපට තාක්ෂණය බිහිවීමේ මූලික අවස්ථාව වන්නේ " සුචි සිදුරු කැමරාව"සොයා ගැනීමයි ඒ අනුව යමින් වඩාත් දියුණු කැමරා "ඔබ්ස්කියුරාව"සොයා ගන්නා ලදී මේ මුලින්ම හඳුන්වා දී ඇත්තේ අල්හසන් විසින් බුක් of optics යන සිය කෘතිය තුළිනි මේ පූර්ණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉතාලි ජාතික ජීයම් බැටිස්ටා දෙලා පෝර්තා විසිනි මෙහි ආලෝකය කුඩා සිදුරු හෝ කාච තුළින් පිටත සිට යොමු කරමින් යම් පෘෂ්ඨයකට එල්ල කරනු ලබයි කැමරා ඔබ්ස්කියුරාව භාවිතයෙන් චලනය වන ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ නමුත් තත්ත්වය අවස්ථාව නිරූපණය කිරීම මිස එහිදී පටිගත කිරීමේ තාක්ෂණය මෙහි අඩංගු නොවීය.
1839 සහ 1948 දී ඩේවිඩ් හියුම් විසින් පළ කළ treatise of human Nature and An Enquiry Concering HUman Undrestanding යන කෘතිය තුළ රතිබිම්බ පිළිබඳව දක්වා තිබෙන අදහස් චිත්‍රපටයේ භාෂාව ගොඩනැංවීමෙහිලා මුලින්ම දායකත්වය දැක්වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. 1830 දශකය තුළඑකිනෙකා ස්වාධීන වශයෙන් නොයෙකුත් තලත් සහ තැටි භාවිතයෙන් චලන ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමට වෙහෙස නැහැ. ඒ අතර ඔස්ට්‍රියාවේ සීමන් වොන් ස්ටැන්සර් විසින් ස්ටෝබෝස් කෝප් උපකරණයේද බෙල්ජියමේ ජෝසප් ටූ විසින්ම පෙනෙකිස්ටෝස් කෝප් උපකරණයද බ්‍රිතාන්‍යයේ විලියම් හෝනය විසින් සියට්රෝප් උපකරණය ද සොයාගැනීමේ ඔස්සේ ඔහු චලන ප්‍රතිබිම්බ සැකසීමට නොයෙකුත් උත්සාහ ගත්ත.
ජූනි මස දහවැනි දින ලීඩන් stanfordගේ අනුග්‍රහකත්වය යටතේ එඩ්වර්ඞ් මයේ බ්‍රිජ් විසින් ස්ටීඩියෝස් කෝප් කැමරා විසිහතරක් භාවිතයෙන් ම සැලී ඝාතනය නමැති අශ්වයකුගේ වේගයෙන් දිවීමේ අවස්ථාවක් සාර්ථකව ඡායාරූපගත කළේය සිදුවීම ජුනි මස එකොළොස්වෙනි දින පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ කැලිෆෝනියාවේ පහළොව ඇල්ටෝ නම් ගොවිපළෙහි ඉදිරිපත් කළේය මෙම අත්හදා බැලීමේදී එක් එක් අවස්ථාවක අශ්වයා වේගයෙන් දුවන විට පාද හතරම පොළොවෙන් උඩට තිබෙන අවස්ථාවක් ජායාරූපයෙහි සටහන් විය අශ්වයාගේ ගමන්පථයට සමගාමීව කැමරා ගණනාවක් එක දිගට සවිකළේය එම සෑම කැමරාවකම ෂටරයක් ආශ්වයා කුරගෙන අවස්ථාව හා සමග නූල්වලින් සම්බන්ධ කළේය අශ්වයාගේ පාද තබන අවස්ථාවන් විස්සක් ආවරණය කිරීම සඳහා අඟල් විසි එකක ප්‍රමාණයකින් යුක්තව තප්පරයකට පින්තූර දහසක් ජායාරූපයට හසුකරගත්තේය එටීනේ ජූල්ස්මරේ විසින් 1882 දී කාලානුරූපී ජයාරූපගත කිරීමේ තුවක්කුවක් සොයා ගන්නා ලදී එමගින් තත්පරයකට අඛණ්ඩව ඡායාරූප දොළහක් ලබාගත හැකි විය එකම පින්තූරය ඒ සෑම රූපයක්ම සටහන් කිරීමට හැකි වේ. එම කැමරා තුවක්කුවක් වූ භාවිතා කරමින් ඔහු සතුන්ගේ හා මිනිසුන්ගේ සංරචන අධ්‍යයනය කළේය. 1988 ඔක්තෝම්බර් මස 14 වැනි දින බ්‍රිතාන්‍ය එංගලන්ත ප්‍රාන්ත යේ බටහිර යෝක්ශර් ප්‍රදේශයේ ලීඩ්ස් හිදි Roundhay Garden Scene නමැති දර්ශනය පටිගත කිරීම් අත්හදා බැලීම් අද පවතින මුල්ම චලන චිත්‍රය ලෙස හඳුනාගත හැක. 1889 ජුනි මස 21 දින විලියම් ෆ්‍රීස් ක්‍රීන් විසින් සිය කාලානුරූපී ඡායාරූපගත කිරීමේ කැමරාවෙන් සඳහා 10131 දරණ අංකය යටතේ පේටන් බලපත්‍රය ලබා ගත්තේය.ෙමගින් තප්පරේට රූප දහයක් දක්වා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය මේ සඳහා සිදුරු විදින ලද සෙලියුලෝට් පටයක් භාවිත කළේය.

♥️♥️♥️♥️♥️♥️
ReplyDelete🥰🥰🥰🥰
ReplyDelete👍👍👍👍
ReplyDeletegood
ReplyDeletegood
good
ReplyDeletegood
❤️👍
ReplyDeleteNice
ReplyDeleteImportant
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete💗👍
ReplyDelete❤️❤️
ReplyDeleteUseful
ReplyDelete❤️❤️
ReplyDelete🩷
ReplyDelete💗
ReplyDeleteGood job❤️👍
ReplyDelete❤️❤️
ReplyDelete🖤
ReplyDelete🖤
ReplyDeleteBest
ReplyDeleteNiymyi
ReplyDelete