Sunday, February 8, 2026

1956 රේඛාව චිත්‍රපටය

  1956 රේඛාව චිත්‍රපටය



     1956 දී එවකට චිත්‍රපටකරුවකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ අනුගාමිකයකු වන චිත්‍රපට තාක්ෂණික ශිල්පී විලියම් බ්ලොග් සහ ටයිටස් තොටවත්ත යන අය  රජයේ චිත්‍රපට ඒකකයෙන් ඉවත්ව ලාංකේය සැබෑ සිංහල සිනමා සම්ප්‍රදායක් සකස් කිරීමේ විප්ලවීය කාර්යයට පියවර තැබූහ. 1856 රේඛාව චිත්‍රපටය තුළ එතෙක් සිනමාවේ තිබූ සම්ප්‍රදාය වෙනස් කළේ ය. එනම්,

    1.   චිත්‍රාගාරයෙන් පිටත මුළුමනින්ම රූගත කිරීම 
    2.  සහිත්‍යමය හෝ ඓතිහාසික කතා පුවතක් මත පදනම් නොවෙමින් මුළුමනින්ම ස්වීය නිර්මාණාත්මක කතා පුවතක් ඉදිරිපත් කිරීම  
    3. බොහෝ විට අත්දැකීම් නොමැති අලුත් නළු නිළියන් පිරිසක් යොදා ගැනීම.

    


❤         ෙමහි කතා පුවත මුලින්ම සිංහල ගැමි ජීවිතයේ නිරූපණය කළේය එහි පවුල් ජීවිතය ගැමි චාරිත්‍ර වාරිත්‍ර හා ජන විශ්වාසය වාර්තාමය සිනමාරූපී ආකෘතියකින් තොරව(non-obstructive documentry esque) ඉදිරිපත් කළේය .මේ මූලික කතා පුවත සේන නමැති තරුණ පිරිමි ළමයෙකු වටා ගොඩනැගේ ගේ යාළුවෙකු වන "අනුලාගේ" අන්ධභාවය සුවපත් කිරීම සඳහා ඔහු නොයෙකුත් ප්‍රතිහාර්ය ක්‍රියා සඳහා යොමු වෙයි. 

❤          ඇතැම් විචාරකයෙකුට අනුව මෙහි කතා පුවත(plot) තරමක බොළඳ ස්වරූපයක් ගත්තේ මෙහි චිත්‍රපටකරුවන් සියල්ල නගරයේ ජීවත්වන පිරිසක් වීමත් ඔවුන් ගැමියද හිලි විශ්වාස අතිශයෝක්තියෙන් ගෙනහැර පාමින් ගැමි ජන සමාජයේ මූර්තිමත් කිරීමත් නිසා බව දක්වමිනි කෙසේ වෙතත් මෙම චිත්‍රපටය එවකට විචාරක හා අපේක්ෂක පැසසුමට  ලක්විය.

❤          ලංකාවේ සැබෑ සිනමාවක් බිහිව ඇති බව මේ අනුව පොදුවේ පිළිගැනේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයට අප්‍රේක්ෂකයා වඩාත් ආකර්ෂණය නොවීමෙන් ආදායම් වාර්තා තැබීමට නොහැකි විය එකල ජනප්‍රියව තැබූ බාවාතිශය හාස්‍යජනක සිනමාවෙන්  ඈත්ව වාර්තාමය සිනමාරූපී තත්ත්වයක් ඉදිරිපත් කිරීම සඳහා එතෙක් ප්‍රේක්ෂකයෝ හුරු පුරුදුව නොසිටියහ එමෙන්ම මෙහි මෙතෙක් තිබූ චිත්‍රපටවල මෙන් සංදර්භය තුළ යමෙක් වෙත ප්‍රධාන තරහක් හෝ ඊර්ෂ්‍යාවක් නොදැක්වීම මෙයට ප්‍රේක්ෂක ආකර්ෂණය නොවීමට හේතු විය. 

 

❤💥

2 comments: