Monday, December 29, 2025

අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)

 

අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)


අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)

20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රැසකට බඳුන් විය. වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්‍ෂණික වර්ධන ක්‍රියාවලියේ විකාශයේ එක් අවස්ථාවක් ලෙස අථත්‍ය සන්නිවේදනය හැඳින්විය හැකි .

• Virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්ද කෝෂයට අනුවනාමික නොවූව ප්‍රායෝගික , අතාත්වික, මවන ලද (කයින් නැති) අථත්‍ය, අථත්‍යතාවයන අර්ථ සපයා ඇත.

මලලසේකර ශබ්දකෝෂය, 6 වන සංස්කරණය, 2014

අථත්‍ය සන්නිවේදනය යනුනව තොරතුරු තාක්‍ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විත හෝ අචේතනික හෝ අන්තර්ගතයන්, අභිප්‍රායයන්, ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සන්නිවේදනයන් සහ ක්‍රියාකාරකම් වේ.’ බව

ස්වීඩනයේ උමෙයා විශ්වවිද්‍යාලය විසින් නිර්වචනය කර ඇත.

අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල (email) " වීඩියෝ සම්මන්ත්‍රණ (Video conferences) " සමාජ ජාල වෙබ් අඩවි (Social networking) සහ මාර්ගගත කතාබහ (Online chatting) සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලය යි. ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන සන්දේශයන් අථත්‍ය සන්නිවේදනයට අයත් වේ.

අථත්‍ය සන්නිවේදනය විශේෂතා රැසකින් සමන්විත . එම විශේෂතා අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි .

කාර්යක්ෂම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

අඩු පිරිවැය

ආරක්ෂිත බව

ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිත සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

එක වර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවෙදනයේ යෙදීමේ හැකියාව

භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම

අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

අධ්‍යාපන කාර්යය සඳහා

සම්බන්ධතා ගොඩනඟා ගැනීමට

ව්‍යාපාරික කටයුතු සාර්ථක කාර්යක්ෂම සිදු කර ගැනීමට

ප්‍රචාරණ කටයුතු සඳහා

නිර්මාණාත්මක කාර්යය සඳහා චින්තනය පුබුදුවාලීමට

අතථ්‍ය සන්නිවේදනයේ වාසි

දක්ෂතා වර්ධනය කර ගැනීම

මුදල් ඉතිරි වීම

ගැඹුරු සාකච්ජා පැවැත්වීම

කාලය ඉතිරිවීම

අතථ්‍ය සන්නිවේදනයේ අවාසි

සංස්කෘතික ගැටුම්

පාලනය අවමවීම

නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන් ඇතිවීම

එකිනෙකා කෙරෙහි ගරුත්වය බිද වැටීම

සමීප නිරීක්ෂණය අවම වීම

 අථත්‍ය සන්නිවේදනය යෙදෙන අවස්ථා

 මාර්ගගත අද්‍යාපනය

මාර්ගගත සම්මුක සාකච්චා

30 comments:

  1. Digatama karanna

    ReplyDelete
  2. 🤜🤜🤜🤜🤜🤜🤜

    ReplyDelete
  3. Good job 🤜🤜🤜🤜

    ReplyDelete