Wednesday, January 28, 2026

ලංකාවේ පළමු චිත්‍රපටය

 ලංකාවේ පළමු චිත්‍රපටය

               ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතා කිරීමේදී බොහෝ දෙනාට සිහිපත් වන්නේ 1947 ජනවාරි 21 වැනිදා තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි. නමුත් එය ලංකාවේ පළමු කථා නාද චිත්‍රපටය වූ අතර, ඊට පෙර ලංකාවේ නිහඬ චිත්‍රපට කීපයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව ලංකාවේ පළමු චිත්‍රපටය ලෙස සැලකිය හැක්කේ රාජකීය වික්‍රමය නම් නිහඬ චිත්‍රපටයයි.  1925 දී ජී. ඒ. ජී. නූර්බායි මහතා විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය පිටුපස ඇත්තේ අපූරු කතාවකි.  


                මෙහි ප්‍රධාන නළුවා වූයේ පසුකාලීනව මෙරට වාම දේශපාලනයේ පතාක යෝධයකු මෙන්ම රටේ මුදල් ඇමති හා විපක්ෂ නායක ලෙසද කටයුතු කළ කීර්තිමත් දේශපාලනඥයකු වූ ඇන්. ඇම්. පෙරේරා මහතාය. 

ඇන්. ඇම්. පෙරේරා මහතා පාසල් ජීවිතය අවසාන කළ අවදියේ පුවත්පතක දුටු දැන්වීමකට අනුව මේ චිත්‍රපටයට සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් ඔහුට කළ ගෙවීම රුපියල් 100කි. සිබිල් පිට් නම් පාසල් සිසුවිය මෙහි ප්‍රධාන නිළියගේ චරිතය රගපෑ අතර, දුෂ්ට චරිතය රගපාන ලද්දේ ග්‍රේෂන් පෙරේරා විසිනි. ඇන්. පී. ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන අය සෙසු චරිත නිරූපණය කළහ. 

             ඉන්දියානු චිත්‍රපට කතාවකට අනුව නිර්මාණය කරන ලද මේ චිත්‍රපටයේ කැමරා ශිල්පියාද ගුප්ත නම් ඉන්දියානු ජාතිකයෙකි. දෙබස් අකුරින් ලියන ලද්දේ එම්. සාර්ලිස් හා ජී. ඇස්. ප්‍රනාන්දු විසිනි. බම්බලපිටිය ප්‍රදේශයේ සකස් කරන ලද චිත්‍රාගාරයක චිත්‍රපටය රූ ගත කර තිබිණි. පසුව මේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවට ගෙන යාමෙන් පසු එය බොම්බාය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රදර්ශනය කොට අතිශය ජනප්‍රියත්වයට පත් වූවක් බව කියැවේ. පසුව එය සිංගප්පූරුවේද ප්‍රදර්ශනය කොට නැවතත් ඉන්දියානු සිනමා රසිකයන්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ ප්‍රදර්ශනය කර තිබේ. ඉතාම අවාසනාවන්ත කාරණය වූයේ මේ චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් චිත්‍රපටය සම්පූර්ණයෙන් විනාශයට පත් වීමය. ඒ නිසා ලංකාවේ නිපදවු පළමු සිනමා නිර්මාණය ලංකාවාසීන්ට කිසිදා දැකගත හැකි වූයේ නැත. මේ ගිනිගැනීම අහඹු සිදුවීමක් නොව චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවෙන් පසවූ පිරිසක් හිතා මතා කරන ලද්දක් බවටද විවිධාකාර මත පළ වී තිබේ. අනතුරුව උපන්ගෙයිම මියගිය ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතාව ඉතිහාසයෙන් මැකී  ගොස් තිබියදී නැවත ඒ පිළිබඳ කතාබහක් ඇති වූයේ ඊට දශක තුනකට පසුව බව කියැවේ.                                  

                 කාලයකට පසුව අහම්බෙන් මේ චිත්‍රපටය ගැන කරුණු දැනගත් සිනමා ලෝලියෙකු හා ලේඛකයෙකු වූ ඩී. වී. සෙනෙවිරත්න මහතා 1955 නොවැම්බර් 3 වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතට මේ චිත්‍රපටය ගැන ලිපියක් ලියා තිබිණි. ඒ ඇන්. ඇම්. පෙනී සිටි පළමුවන චිත්‍රපටය යන තේමාව යටතේය. ලාංකේය සිනමාවේ ඉතිහාසය ගැන කතා කිරීමේදී මේ කරුණු ඉතා වැදගත්ය. අකල් මරණයකට ගොදුරු වූ සිංහල සිනමාවේ කුළුදුල් දරුවා වන රාජකීය වික්‍රමය නම් චිත්‍රපටයට එහිදී හිමිවන්නේ අමතක නොකළ යුතු ස්ථානයකි. 


ඡායාරූපයේ වමේ සිට ඇන්. ඇම්. පෙරේරා, නූර්බායි, ඩී. වී. සෙනෙවිරත්න, ඇල්බට් ද සිල්වා



Saturday, January 17, 2026

සිනමාවේ ආරම්භය

 සිනමාවේ ආරම්භය

         චිත්‍රපටයේ සිනමා හෝ මූවී යන වචන වලින් හැඳින්වෙන මාධ්‍යයේ ඓතිහාසික වර්ධනය පිළිබඳ කෙරෙන විස්තරය චිත්‍රපට ඉතිහාසය තුළ අන්තර්ගත වේ. චිත්‍රපට ඉතිහාසයේ යනු දහනම වන සත්ත්ව වර්ෂයේ දී අග භාගයේ සිට නයේ දක්වා වසර සියයක අධික කාලයක් පුරා විහිදී යන්නකි චලන චිත්‍රය ක්‍රමයෙන් මුල් කාලයේ වඩාත් විනෝදාත්මක උපකරණයක් ලෙස භාවිතා වෙමින් විසි වන ශතවර්ශය හා විසි එක් වන ශතවර්ශය තුළ ජනමාධ්‍ය සන්නිවේදනය හා විනෝදාස්වාදනය යන ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර තුළ කේන්ද්‍රීය වැදගත්කමක් හිමි කරගෙන තිබෙන මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හ.ැකියි විසිවන ශතවර්ශයේ බොහෝමයක් චිත්‍රපට නිහඬ සිනමා කෘති ලෙස හඳුන්වා ගත හැකි අතර චලන චිත්‍ර ඇසුරු කොටගත් සිනමාව යනු කලාව තාක්ෂණය හා දේශපාලනය යන එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි යම් ආකාරයක බලපෑමක් ඇති කර ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දිය හැක.  

රවුන්ඩ් හේ ගාර්ඩන් ජවනිකාව 1888, සෙලියුලොයිඩ් පට මත පටිගත කල ලොව පලමු චිත්‍රපටය

 1890 දශකයේ කාර්මික විප්ලවය ලෙස හද හඳුන්වන කාල පරිච්ඡේදය තුළ සිනමාව විනෝදාස්වාදය සැපයීමේ සරල මෙන්ම වඩාත් පහසු ලාභදායී මෙවලමක් ලෙස මුල් කාලයේදී හඳුනාගන්නා ලදී .පසුගිය වික්ටෝරියානු කාල පරිච්ඡේදය තුළ මූ වී නොහොත් චිත්‍රපට වඩාත් ජනප්‍රිය දුෂ්‍ය කලා ආකෘතිය ලෙස සලකනු ලැබීය සිනමාව බිහිවීමට පෙර එවැනි විනෝදාත්මක සංදර්ශන හෝ ජවනිකා සොයා මිනිස්ස්සු ඉතා ඈත ප්‍රදේශවලට යෑමට පුරුදුව සිටියහ සිනමාව බිහිවීමත් සමඟම  ස්වරූපය වෙනස් විය සිනමාව බිහිවීමේ පළමු දශකය තුළ එම දර්ශනය නිරූපණය කිරීම ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වැඩිදියුණු කිරීමට එම ගවේෂකයෝ උත්සාහ කළහ. සිනමාව යනු තාක්ෂණික වශයෙන් වඩාත් සංකීර්ණ මාධ්‍යයකි. මෙම නව මාධ්‍ය සොයා ගැනීමට ප්‍රථමව ඒ සඳහා අවශ්‍ය බොහොමයක් තාක්ෂණික අවශ්‍යතා ඒකරාශී කර ගැනීමට සිදුවිය. 

                    චිත්‍රපට බිහිවීමට ප්‍රථම එයට හේතුවන මුල් ස්වරූප වශයෙන් රංගනය සහ නර්තනය හඳුනාගත හැක එමෙන්ම චිත්‍රපට සඳහා බොහොමයක් උපාංග රැසක් ද අඩංගු වේ මේ අතර පිටපත,පසුතලයෝකය, රංගවස්ත්‍රාභරණ, අධ්‍යක්ෂණය, නළුවන්, ප්‍රේක්ෂකයන්, කතා මාලාව, නර්තන වින්‍යාසය, සංගීතය වැනි දෑ දැකිය හැක. මෙම උපශ්‍රේෂ්ඨ ගණනාවක ම චිත්‍රපටය හා රංග කලාව යන ක්ෂේත්‍ර දෙකෙහිම වචන කෝෂය තුළ සමගාමීව හඳුනාගත හැකියි. 

චිත්‍රපට තාක්ෂණය බිහිවීමේ මූලික අවස්ථාව වන්නේ " සුචි සිදුරු කැමරාව"සොයා ගැනීමයි ඒ අනුව යමින් වඩාත් දියුණු කැමරා  "ඔබ්ස්කියුරාව"සොයා ගන්නා ලදී මේ මුලින්ම හඳුන්වා දී ඇත්තේ අල්හසන් විසින් බුක් of optics යන සිය කෘතිය තුළිනි මේ පූර්ණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉතාලි ජාතික ජීයම් බැටිස්ටා දෙලා පෝර්තා විසිනි මෙහි ආලෝකය කුඩා සිදුරු හෝ කාච තුළින් පිටත සිට යොමු කරමින් යම් පෘෂ්ඨයකට එල්ල කරනු ලබයි කැමරා ඔබ්ස්කියුරාව භාවිතයෙන් චලනය වන ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ නමුත් තත්ත්වය අවස්ථාව නිරූපණය කිරීම මිස එහිදී පටිගත කිරීමේ තාක්ෂණය මෙහි අඩංගු නොවීය. 

      1839 සහ 1948 දී ඩේවිඩ් හියුම් විසින් පළ කළ  treatise of human Nature and An Enquiry Concering HUman Undrestanding   යන කෘතිය තුළ ‍රතිබිම්බ පිළිබඳව දක්වා තිබෙන අදහස් චිත්‍රපටයේ භාෂාව ගොඩනැංවීමෙහිලා මුලින්ම දායකත්වය දැක්වූ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. 1830 දශකය තුළඑකිනෙකා ස්වාධීන වශයෙන් නොයෙකුත් තලත් සහ තැටි භාවිතයෙන් චලන ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමට වෙහෙස නැහැ. ඒ අතර ඔස්ට්‍රියාවේ සීමන් වොන් ස්ටැන්සර් විසින් ස්ටෝබෝස් කෝප් උපකරණයේද බෙල්ජියමේ ජෝසප් ටූ විසින්ම පෙනෙකිස්ටෝස් කෝප් උපකරණයද බ්‍රිතාන්‍යයේ විලියම් හෝනය විසින් සියට්‍රෝප් උපකරණය ද සොයාගැනීමේ ඔස්සේ ඔහු චලන ප්‍රතිබිම්බ සැකසීමට නොයෙකුත් උත්සාහ ගත්ත.

     ජූනි මස දහවැනි දින ලීඩන් stanfordගේ අනුග්‍රහකත්වය යටතේ එඩ්වර්ඞ් මයේ බ්‍රිජ් විසින් ස්ටීඩියෝස් කෝප් කැමරා විසිහතරක් භාවිතයෙන් ම සැලී ඝාතනය නමැති අශ්වයකුගේ වේගයෙන් දිවීමේ අවස්ථාවක් සාර්ථකව ඡායාරූපගත කළේය සිදුවීම ජුනි මස එකොළොස්වෙනි දින පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ කැලිෆෝනියාවේ පහළොව ඇල්ටෝ නම් ගොවිපළෙහි ඉදිරිපත් කළේය මෙම අත්හදා බැලීමේදී එක් එක් අවස්ථාවක අශ්වයා වේගයෙන් දුවන විට පාද හතරම පොළොවෙන් උඩට තිබෙන අවස්ථාවක් ජායාරූපයෙහි සටහන් විය අශ්වයාගේ ගමන්පථයට සමගාමීව කැමරා ගණනාවක් එක දිගට සවිකළේය එම සෑම කැමරාවකම ෂටරයක් ආශ්වයා කුරගෙන අවස්ථාව හා සමග නූල්වලින් සම්බන්ධ කළේය අශ්වයාගේ පාද තබන අවස්ථාවන් විස්සක් ආවරණය කිරීම සඳහා අඟල් විසි එකක ප්‍රමාණයකින් යුක්තව තප්පරයකට පින්තූර දහසක් ජායාරූපයට හසුකරගත්තේය එටීනේ ජූල්ස්මරේ විසින් 1882 දී කාලානුරූපී ජයාරූපගත කිරීමේ තුවක්කුවක් සොයා ගන්නා ලදී එමගින් තත්පරයකට අඛණ්ඩව ඡායාරූප දොළහක් ලබාගත හැකි විය එකම පින්තූරය ඒ සෑම රූපයක්ම සටහන් කිරීමට හැකි වේ. එම කැමරා තුවක්කුවක් වූ භාවිතා කරමින් ඔහු සතුන්ගේ හා මිනිසුන්ගේ සංරචන අධ්‍යයනය කළේය. 1988 ඔක්තෝම්බර් මස 14 වැනි දින බ්‍රිතාන්‍ය එංගලන්ත ප්‍රාන්ත යේ බටහිර යෝක්ශර් ප්‍රදේශයේ ලීඩ්ස් හිදි Roundhay Garden Scene  නමැති දර්ශනය පටිගත කිරීම් අත්හදා බැලීම් අද පවතින මුල්ම චලන චිත්‍රය ලෙස හඳුනාගත හැක. 1889 ජුනි මස 21 දින විලියම් ෆ්‍රීස් ක්‍රීන් විසින් සිය කාලානුරූපී ඡායාරූපගත කිරීමේ කැමරාවෙන් සඳහා 10131 දරණ අංකය යටතේ පේටන් බලපත්‍රය ලබා ගත්තේය.ෙමගින් තප්පරේට රූප දහයක් දක්වා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි විය මේ සඳහා සිදුරු විදින ලද සෙලියුලෝට් පටයක් භාවිත කළේය. 


Tuesday, January 13, 2026

සිංහල පුවත්පත් ආරම්භය හා කවට කථිකයා පුවත්පත

 සිංහල පුවත්පත් ආරම්භය  හා කවට කථිකයා පුවත්පත

                                  සිංහල භාෂාවෙන් පුවත්පත් ආරම්භයට ද පෑම් කරන ලද්දේ මුද්‍රණාලයක හිමිකාරීත්වය ලබාගැනීමේ ගැටලුවත් සියම් රජුගේ ආධාර  දුවනව මුද්‍රණ යන්ත්‍රයක් සපයා ගැනීමට බුලත්ගම ධර්මාලංකාර සුමන තිස්ස හිමියෝ සමත් වූහ එය මෙරට සිංහලයන්ට අයත් වූ පළමු මුද්‍රණයන්ත්‍රය ලෙස හැගේ  1960 දී ලංකාව ලෝකනය පුවත්පත එම මුද්‍රණ යන්ත්‍රය පිහිටවීම ලංකෝපකාර මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලදී. ලංකා ලෝකයේ පුවත්පතෙහි මුල් පිටපත දක්නට නොමැති අතර තුන සහ හතර පිටපත් දක්නට ලැබේ. 

ශ්‍රී ලංකාවේ පළමු සිංහල ලියාපදිංචි පුවත්පත ලෙස ලක්මිණි පහන සඳහන් වේ රී ලංකාවේ දෙවැනි සිංහල පුවත්පත 1862 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ ලක්මිණි පහන නම් වේත් ලක්මිණි පහන පළ වූයේ කොග්ගල ධර්මරත්න පඬිතුමාගේ පතෘත්වයෙන් එහි ප්‍රකාශක ලෙස සඳහන් වන්නේ හෙන්රික් පෙරේරාය. 1980 දී ආරම්භ වූ සරසවි සඳරැස පුවත්පතී හිමිකාරීත්වය පැවතියේ පරම විඤ්ඤාර්ථ බෞද්ධ සමාගමටය ආරම්භක කතුවරයා වූයේ බේරගම පුංචි බණ්ඩාරය සරලස පුවත්පතෙි පාලනය කළ සමාගම හා පසුව එහි කතුවරයාව සිටි එච් පෙරේරා අතර ඇති වූ අරගලයකින් පසු කතෘ ධූරයෙන් ඉවත් කළ බවට තොරතුරු සපයයි. ඉංග්‍රීසි පාලනය තුළ සිදුවූ අසාධාරණකම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සරසවි සඳරැස පුවත්පත මගින් ප්‍රකාශ කර ඇත.සරසවි සඳරැස පුවත්පත පමණක් වැඩ වර්ජනයක් දුන්නා සිදුකර පෙනී සිටි ම දක්නට ලැබී ඇත.

 ඥානාර්ථ දීපය දීර්ඝ ඉතිහාසයක් සහිත පුවත්පතකි

 ද සෙලින් මැසේජර් මෙම පුවත්පත ද 19 සියවස් වලදී පලවිය.



                                                ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා’ ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;


‘සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා

පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර         යුත්තා

කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා

ලකට පහළ වූ මමවද කවටකතිකා          මුත්තා’


මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.


මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා’ යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල” කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.


රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. 

‘කම්මැලි කම පිට බුදියා ග      න්නේ

කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ

අඹරා පස්සට වස්ති කර         න්නේ

කම්මැලිකම් ඒකෙන් දුරු ව    න්නේ’




දොන් පෑලිස් අප්පුහාමි


"1970" දශකය ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තය

 "1970" දශකය ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තය


                              1970 ශ්‍රි ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තය ගත්කළ  පුවත්පත් කර්මාන්තයට ඉතාමත් සුවිශේෂී වූ කාලවකවානුවක් ලෙස මෙම කාලසීමාව හඳුන්වා දිය හැකිය.මෙම කාල වකවානුවේ දී ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ සහ කර්මාන්තයේ මූලාරම්භයේ සඳහා පසුබිම් වූ හේතු කිහිපයක් විය.පසුබිම ගත් කළ

  1.        1970 සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු පක්ෂය මහ මැතිවරණයෙන් සමඟි පෙරමුණ පක්ෂය ලෙස ජයග්‍රහණය කිරීම.
  2.         1971 ජෙවීපී කැරැල්ල
  3.         1972 නව ජනරජ ආණ්ඩුව බිහිවීම  සෝල්බරි ව්‍යවස්ථාවෙන් පසුව පූර්ණ බලතල හිමි වූ  පාර්ලිමේන්තුව බිහිවීම.
  4.         1975  උතුරේ කැරලිකාරිත්ව ය
  5.         1977 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය හා ආර්ථික වෙනස්කම් විවෘත ආර්ථික ක්‍රමය බිහිවීම ලෙස හඳුන්වා දිය හැකි.
  6.          1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නව ජනාධිපති ධූරයක් බිහිවීම, එසේම පුවත්පත් ළවීම රාජ්‍යයට අදාළව සිදුකිරීම.
  7.           1978 විධායක ජනාධිපති ධූරය ආරම්භ කිරීම

මේ ආකාරයට 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තයේ මෙම පෙන්වා දිය හැකිය . 


1970 දශකයේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය

මෙම කාල වකවානුවේ දී ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය ගත් කළ මෙහිදී

  •  ගුවන් විදුලි සංස්ථාව බිහිවීම 
  • රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහිවීම 
  •  itn ආයතනය ස්ථාපිත කිරීම ආදී සුවිශේෂී කරුණු මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය මගින් පෙන්වා දිය හැකියි.

1970 දශකයේ පුවත්පත් ක්‍රියාකාරීත්වය

පුවත්පත් සංඛ්‍යාව විශාල වීමක් සහ අලෙවිය වැඩිවීමක් සිදුවිය උදාහරණ සිළුමිණ පුවත්පතෙහි නව යුගයේ පුවත්පත

දේශපාලන පක්ෂවලට අයත් පුවත්පත් හා ප්‍රකාශන මෙම යුගයේදී බිහි විය.

 උදාහරණ-

  •        එක්සත් ජාතික පක්ෂය තුළ වූ පුවත්පත-:මෙන්ශන් පුවත්පත

                                                                                             සියරට පුවත්පත

  •        ජනතා විමුක්ති පෙරමුණ-:ු රතු බලය
  •        ලංකා සම සමාජ පක්ෂය-:  ජන දින 

                                                                 ජනසතිය

  •  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-: දිනකර

                                                            සිරිලක 

                                                            ජන වේගය

  • දෙමළ පක්ෂය-:    සුතන් තිරන් 

ප්‍රමුඛ පෙළේම දක්නට ලැබෙන පක්ෂවලන් බිහි වූ පුවත්පත් හා ප්‍රකාශන විය.

මෙම යුගයේ දක්නට ලැබුණ පුවත්පත් ක්‍රමය සඳහා උදාහරණ වන්නේ කොළඹ පුවත්පතයි මෙය 1973 වර්ෂයේදී නිර්මාණය වූ පුවත්පතකි.

එම මෙම කාලවකවානුවේදී දෙමළ පුවත්පත් වර්ධනයක් සිදුවිය උදාහරණ( වීර කේශ්වරී)

 නම් පුවත්පත.

 මෙම යුගයේ දී බිහූ සුවිශේෂී පුවත්පත් කාණ්ඩයක් ලෙස චිත්‍රකතා පුවත්පත් ආරම්භය 1972 වර්ෂයේදී සිදුවිය. උදාහරණ වශයෙන් 

  •                                          සතුට පුවත්පත 
  •                                         සිත්තර පුවත්පත 
  •                                         දසුන පුවත්පත වෙයි .එකල චිත්‍රකතා පුවත් නැරඹීමට පාසල් අධ්‍යාපනයට තහනම් විය. 

හැත්තෑව දශකයේ පුවත්පත් පාලනය සහ රාජ්‍ය මැදිහත්වීම.

  1973 වර්ෂයේ දී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පිහිටුවීම

 1973 වර්ෂයේදී ලේක් හවුස් ආයතනයේ රජයට පවරා ගැනීම

 1974 වර්ෂයේ දී ස්වාධීන පත්‍ර කලා සාමාගම  වු දවස නම් ආයතනය සීල් තැබීම,

1974 වර්ෂයේ දී ාජ්‍යයට බදු නොගැවනීම නිසා ටයිම්ස් ආයතනය රජයට පවරා ගැනීම සිදුවිය

 දවස පුවත්පත් ආයතනය ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම සිදුකරන ලද පුවත්පතකි. එම නිසා මෙම පුවත්පත සීල් තැබූ බව කියවේ.

ඉහත දක්වන ලද කරුණු ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව සහ කර්මාන්තයහි  1970 දශකයේ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණ වෙයි,

           



 


 


Thursday, January 8, 2026

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවා ආරම්භය

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවා ආරම්භය

                                       ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ. ☝☝☝

Monday, December 29, 2025

අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)

 

අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)


අ‍තථ්‍යය සන්නිවේදනය (Virtual Communication)

20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති හා අන්තර්ගත වෙනස්කම් රැසකට බඳුන් විය. වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්‍ෂණික වර්ධන ක්‍රියාවලියේ විකාශයේ එක් අවස්ථාවක් ලෙස අථත්‍ය සන්නිවේදනය හැඳින්විය හැකි .

• Virtual යන ඉංග්‍රීසි වචනයේ සිංහල අර්ථය මලලසේකර ශබ්ද කෝෂයට අනුවනාමික නොවූව ප්‍රායෝගික , අතාත්වික, මවන ලද (කයින් නැති) අථත්‍ය, අථත්‍යතාවයන අර්ථ සපයා ඇත.

මලලසේකර ශබ්දකෝෂය, 6 වන සංස්කරණය, 2014

අථත්‍ය සන්නිවේදනය යනුනව තොරතුරු තාක්‍ෂණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් චේතාන්විත හෝ අචේතනික හෝ අන්තර්ගතයන්, අභිප්‍රායයන්, ක්‍රියාකාරීන් විද්‍යමාන වීමට, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සන්නිවේදනයන් සහ ක්‍රියාකාරකම් වේ.’ බව

ස්වීඩනයේ උමෙයා විශ්වවිද්‍යාලය විසින් නිර්වචනය කර ඇත.

අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල (email) " වීඩියෝ සම්මන්ත්‍රණ (Video conferences) " සමාජ ජාල වෙබ් අඩවි (Social networking) සහ මාර්ගගත කතාබහ (Online chatting) සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලය යි. ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන සන්දේශයන් අථත්‍ය සන්නිවේදනයට අයත් වේ.

අථත්‍ය සන්නිවේදනය විශේෂතා රැසකින් සමන්විත . එම විශේෂතා අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකි .

කාර්යක්ෂම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

අඩු පිරිවැය

ආරක්ෂිත බව

ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිත සන්නිවේදනයේ යෙදීමේ හැකියාව

එක වර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවෙදනයේ යෙදීමේ හැකියාව

භෞතික වශයෙන් ඉඩකඩ අවශ්‍ය නොවීම

අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

අධ්‍යාපන කාර්යය සඳහා

සම්බන්ධතා ගොඩනඟා ගැනීමට

ව්‍යාපාරික කටයුතු සාර්ථක කාර්යක්ෂම සිදු කර ගැනීමට

ප්‍රචාරණ කටයුතු සඳහා

නිර්මාණාත්මක කාර්යය සඳහා චින්තනය පුබුදුවාලීමට

අතථ්‍ය සන්නිවේදනයේ වාසි

දක්ෂතා වර්ධනය කර ගැනීම

මුදල් ඉතිරි වීම

ගැඹුරු සාකච්ජා පැවැත්වීම

කාලය ඉතිරිවීම

අතථ්‍ය සන්නිවේදනයේ අවාසි

සංස්කෘතික ගැටුම්

පාලනය අවමවීම

නුසුදුසු කණ්ඩායම් සාමාජිකයන් ඇතිවීම

එකිනෙකා කෙරෙහි ගරුත්වය බිද වැටීම

සමීප නිරීක්ෂණය අවම වීම

 අථත්‍ය සන්නිවේදනය යෙදෙන අවස්ථා

 මාර්ගගත අද්‍යාපනය

මාර්ගගත සම්මුක සාකච්චා

Friday, December 26, 2025

මහජන සන්නිවේදනය (Public Communication)

 

  Public Communication

Public communication is ,

  Public Communication  



Communication to a group of people is public communication .

   This includes public meetings , lectures , various celebrations , etc. In public communication , although the communicator and the receiver are visible and can hear each other, the SPE does not have a communicative function .

Technological tools are often used in public communication .

For public communication to be successful , the receiver must be able to grasp the message being presented by the communicator . In public communication, it can be difficult to properly interpret the feedback received , and the feedback itself is limited .  

 Mass communication is largely carried out not in private gathering places such as homes , offices , etc. but in places where the general public can gather , such as auditoriums , public sports halls , and conference halls .

Mass communication can be used to inform or persuade a group of people about a certain matter , or to provide entertainment , pleasure , or refreshment .

Ø  Ex : Election rallies

Ø                    Musical performances

The communication carried out in public communication differs from that in mass communication .

Benefits of mass communication

    1.    To cause to express an opinion .
    2.       Being able to attract the attention of various parties
    3.       Helping to build counter - images
    4.       Can be used to raise awareness about the issues presented
    5.     Being able to motivate a group of people for a specific purpose